General18 April 2018

හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ හිටපු මාධ්‍යවේදියා ගැන තවදුරටත් පරීක්ෂණ

ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ස්පාඤ්ඤයේ සිට එවා තිබූ මෙම හෂීස් තොගය සමඟ මාධ්‍යවේදියා මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් මෙලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන එකහමාරක් පමණ වනවා.

අදාළ පාර්සලය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි හිටපු මාධ්‍යවේදියා නමට එවා තිබූ අතර එය භාර ගැනීමට පැමිණි අවස්ථාවේදියි රේගුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

29 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.


Related recommendation
Hiru TV News | Programmes