General18 April 2018

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල්, අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු අද (18) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

Related recommendation
Hiru TV News | Programmes