General21 April 2018

නීතිවිරෝධී පන්නක්‍රම භාවිත කළ ධීවරයින් 101ක් අත්අඩංගුවට (ඡායාරූප)

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සති දෙක තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී මසුන් මැරීම සඳහා භාවිතා කරන ලද සුරුක්කු සහ ලයිලා දැල් 13ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

පවත්නා නීතිය යටතේ මෙම දැල් භාවිත කරමින් ගොඩබිමට ආසන්න මුහුදේ මසුන් මැරීම තහනම් වනවා.

අත්අඩංගුවට පත්වූ ධීවරයින් සහ ආම්පන්න වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක වෙත ඉදිරි අධිකරණ කටයුතු සඳහා භාර දී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes