General22 April 2018

ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ සිරුරු බේරේ වැවෙන් සහ මැණික් ගඟෙන් හමුවේ

බේරේ වැවේ සහ මැණික් ගඟේ තිබී ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (22) සොයා ගත්තා.

කොම්පඤ්ඤ වීදිය පොලීසියට ලද තොරතුරක් මත බේරේ වැවේ තිබී ව්‍යාපාරිකයෙකුගේ සිරුර හමුවී ඇත්තේ උදෑසන කාලයේයි.

මහරගම ප්‍රදේශයේ පදිංචි මොහුගේ වයස අවුරුදු 27 ක්.  

එමෙන්ම කතරගම - මැණික් ගඟේ පරයින් ඇල්ල ප්‍රදේශයේ තිබී තවත් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් අද (22) උදෑසන සොයාගෙන තිබෙනවා.

බුත්තල - ගොඩගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51ක් වයසැති මොහු තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කිරීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇති බවටයි ඥාතීන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.

මේ අතර, අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අලවල - කරස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

42 හැවිරිදි මොහු අදාළ සංගීත ප්‍රසංගයට මිය ගිය පුද්ගලයා කැදවාගෙන පැමිණි අය බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේ (21) සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නැමැත්තා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related recommendation
Hiru TV News | Programmes