General24 April 2018

යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට (ඡායාරූප )

යාපනය මන්නාරම ප්‍රධාන මාර්ගයේ යාපනය නාවට්කුලි විද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (23) සිදුවු යතුරුපැදි අනතුරකින් එක් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පොලිසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ යාපනය නාවට්කුලි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු විදුලි කණුවක ගැටී මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.






(ඡායාරූප - මාධව කුලසුරිය)


Related recommendation
Hiru TV News | Programmes