එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.
නඩු කටයුත්තක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඉන් පිටතට පැමිණි අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය රාජිත සේනාරත්නගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ රණවිරුවන් අධිකරණයට රැගෙන යාමේ කටයුත්තට ආණ්ඩුවේ එකඟතාව මේ තුළින් ලැබී ඇති බවයි.
එමෙන්ම ආණ්ඩු පෙරළිය සඳහා කටයුතු කරන්නේ කවුරුන්දැයි මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළා.
එමෙන්ම පිවිතුරු හෙළ උරුමය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලද අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ ත්රස්තවාදීන් සැමරීමට ඉඩ ලබාදිය යුතුනම් ඊට පෙර සියලූ බන්ධනාගාරවල සිටින සිරකරුවන්ට නිදහස ලබාදිය යුතු බවයි.
ඊට හේතුව ලෙස මන්ත්‍රීවරයා පැහැදිළි කළේ එම සිරකරුවන් එතරම් වරදක් සිදුකර නොතිබීමයි.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කිසිකලකදී ත්‍රස්ත සංවිධානයක් ලෙස කටයුතු කර නොමැති බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත ක්‍රියාවලිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සමාන කරමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදියි.
ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන සහ රාජිත සේනාරත්න ඇතුලූ පිරිස අතීතයේදී තම පක්ෂය තහනම් කිරීමට කටයුතු කළ බව විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම ප්‍රා සංවිධානය හරහා මිනිමරු කල්ලි මෙහෙයවීමේ කටයුත්ත රාජිත සේනාරත්න අමාත්‍යවරයා සිදුකළ බවටයි විජිත හේරත් මන්ත්‍රිවරයා තවදුරටත් චෝදනා කළේ.

Latest News
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
ඉම්රාන් ඛාන්ට බන්ධනාගාරය තුළ වධහිංසා පමුණුවන බවට සහෝදරියගෙන් චෝදනා
Local
22 August 2026
ජනමත විචාරණයක් නැති බවට ඇමති හර්ෂණගේ ප්‍රකාශයට දිනන දකුණෙන් දැඩි විවේචනයක්
Local
22 August 2026
ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය දැයෙන් සමුගනී
Local
22 August 2026
ප්‍රවීණ ගායිකා නන්දා මාලිනීගේ අභාවය වෙනුවෙන් ජනපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් ශෝක පණිවුඩ
Local
22 August 2026
ස්පාඤ්ඤ ක්‍රීඩකයින්ට පහරදී ආර්ජන්ටිනාව අමාරුවේ : පරේඩෙස්ට තරග 10 ක තහනමක් සහ ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට දැඩි දඬුවම්
Local
22 August 2026
වියළි කාලගුණයෙන් 81,865ක් පීඩාවට
Local
22 August 2026
වාමවාදී දේශපාලනයෙත් දක්ෂිණාංශික දේශපාලනයෙත් හොඳ ලක්ෂණ පමණක් අපි ලබා ගත යුතුයි - විපක්ෂ නායක සජිත්
Local
22 August 2026