බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරියේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුව නිසා ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ පුත්තලම - මැල්ලව ප්‍රදේශයට වන අතර එය මිලිමීටර් 122.7ක්.
එමෙන්ම නිවිතිගල ප්‍රදේශයට මිලිමීටර් 92ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලූව, ආරච්චිකට්ටුව ආදී ප්‍රදේශවල පහත්බිම් රැසක් තවදුරටත් ජලයෙන් යට වී ඇති අතර, හැමිල්ටන් ඇළ පිටාර ගැලීම නිසා අඩාල වූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
නාත්තණ්ඩිය - මීගමුව ප්‍රධාන මාර්ගයේ සැඩ පහරට හසුවූ වෑන් රථයක සිට පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ බේරාගෙන ඇති බව සදහන්.
ජල ගැලීම් නිසා අවතැන්වූවන්ට සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඒ.එම්.ආර්.එන්. අලහකෝන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යට වුණා.
කළු ගඟ පිටාර ගැනීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මිල්ලනිය, ඉංගිරිය, පාලින්ද නුවර ආදී ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
අදාළ ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් කියා සිටියා.
ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් තවමත් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් කියා සිටියේ.
කැළණි ගෙඟ් තවදුරටත් සුළු ගං වතුර තත්ත්වයක් පවතින අතර මේ හේතුවෙන් බියගම, මල්වාන ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ද වැල්ලම්පිටිය, සේදවත්ත සහ කොළොන්නාව යන ප්‍රදේශවල ඇතැම් පහත්බිම් ජලයෙන් යට වී ඇති බවයි හිරු මාණ්ඩලික වාර්තාකරු සඳුන් අරෝෂ් කියා සිටියේ.
මේ අතර, තබ්බෝව, දැදුරුඔය සහ පොල්ගොල්ල යන ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු, කැළණි සහ ගිං යන ගංඟා තවමත් සුළු ගං වතුර මට්ටමේ පවතින නිසා එම ගංගා දෙපස ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
එමෙන්ම කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.
පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ගාල්ල සිට කොළඹ, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Latest News
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට
Local
23 September 2026
සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් මහ බැංකුවෙන් අත්හිටුවයි
Local
23 September 2026
සුපුරුදු රිද්මයෙන් පළමු එක්දින තරගයත් ලකුණු 89කින් පරාජයට පත් වූ සිංහයෝ
Local
23 September 2026
හරක් කටාගේ පහරදීමෙන් තුවාල ලැබූ කෙහෙල්බද්දර පද්මේ වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
23 September 2026
බන්ධනාගාරය තුළ 'හරක් කටා' සහ 'කෙහෙල්බද්දර පද්මේ' අතර ගැටුමක් - පද්මේ රෝහලට
Local
22 September 2026
පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම් (UPDATE)
Local
22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026