දිවයිනේ සියලූ පළාත්වලට අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි.
ඊයේ රාත්‍රියේ රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදහැලූණු ගිගුරුම් සහිත වර්ෂාවත් සමඟ එම ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී පවතින බවටයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
ඒ අනුව, පුත්තලම, දංකොටුව - නාත්තන්ඩිය සහ නාත්තන්ඩිය - කුලියාපිටිය මාර්ග තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා.
එසේම, නාත්තන්ඩිය සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඇතැම් ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී ඇති බවටයි වාර්තා වන්නේ.
එසේම, පුත්තලම දිස්ත්‍රික්කයේ ජලය රැදී පවතින ප්‍රදේශ හරහා ගමන් කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දුන්නා.
එලෙස ගමන් කිරීමට ගොස් අනතුරට ලක් වූ පුද්ගලයින් 8 දෙනෙකු පමණ පසුගිය දින කිහිපයේදී මුදා ගත් බවයි එම මධ්‍යස්ථානයේ පුත්තලම් දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ. අලහකෝන් ප්‍රකාශ කළේ.
මීට අමතරව, අධික වර්ෂාව සහ කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙනවා.
එසේම, කළු ගඟ පිටාර ගැනීම නිසා කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මිල්ලනිය, ඉංගිරිය, පාලින්ද නුවර ආදී ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
කැළණි ගෙඟ් තවදුරටත් සුළු ගං වතුර තත්ත්වයක් පවතින අතර මේ හේතුවෙන් බියගම, මල්වාන ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් බද්දේගම අවට ප්‍රදේශ කිහිපයක් තවමත් ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ අතර, තබ්බෝව සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතිනවා.
කළු සහ කැළණි ගඟේ තවමත් සුළු ගං වතුර මට්ටමේ පවතින නිසා එම ගංගා දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මාලා අලවතුගොඩ කියා සිටියේ.
එසේම, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.
ආරක්ෂිත පියවරක් ලෙස කැළණි ගග හරහා බියගම - කඩුවෙල නගර යා කරන ප්‍රධාන පාලම අද රාත්‍රී 8 සිට හෙට උදෑසන 6 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
ප්‍රධාන පාලමෙහි පැති බැම්මෙහි කොටසක් ඊයේ ඛාදනයට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සීමා කිරීමටයි පියවර ගැණුනා.
කෙසේ වෙතත්, එම පාලමට ආසන්නයේ විකල්ප නව පාලමක් ඉදි කිරීමට ද මාර්ග සංවර්ධන අධිකාරිය මේ වනවිට පියවර ගෙන තිබෙනවා.
එම පාලම ද හෙට උදෑසන 6 ට විවෘත කෙරෙන බවයි එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇති අතර, පීඩාවට පත් වූ සංඛ්‍යාව 125,954 ක්. දිස්ත්‍රික්ක 19 කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ප්‍රකාශ කළා.

Latest News
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026