මුදලට තරග පවාදීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට එල්ල කරන චෝදනා හේතුවෙන් සිය ප්‍රතිරූපයට හානි සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජීවන්ත කුලතුංග පවසනවා.
නිවේදනයක් මගින් ඔහු පෙන්වා දෙන්නේ ක්‍රීඩකයකු සහ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන තමන්ගේ ක්‍රිකට් වෘත්තියට මින් අවමානයක් සිදුව ඇති බවයි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් අතරතුර හිටපු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජීවන්ත කුලතුංග සහ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින දිල්හාර ලොකුහෙටිටිගේ, රොබින් මොරිස් නැමති බුකිකරුවෙකු සමග එක්ව මුදලට තරග පාවාදීමට සැලසුම් කළ බවටයි අල්ජසිරා පුවත් සේවය ඊයේ වාර්තා කර තිබුණේ.
මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් යැයි පැවසෙන අදාල විඩියෝ පටය රහසිගතව පටිගත කර ඇත්තේ අල් ජසිරා මාධ්‍යවේදියෙකු විසින්.
ජීවන්ත කුලතුංග, 2002 වසරේ සිට 2012 අතර කාලයේ දි එංගලන්ත ප්‍රිමියර්ලීග් තරග සදහා එක්ව තිබෙනවා.
ඒ අතරතුර කාලයේදියි එංගලන්තයේ තවත් ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ ඉන්දීය පලමු පෙළ ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කල රොබින් මොරිස් හදුනාගෙන ඇත්තේ.
අනතුරුව රොබින් මොරිස් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදි කොළඹ සුපිරි හෝටලයකදි හමුව සිදුව ඇත්තේ පෙර පැවති සමීප මිත්‍රත්වය මතයි.
තමන්ව හමුවීම සඳහා පැමිණෙන ලෙස රොබින් මොරිස් පැවසූ අවස්ථාවේදී දිල්හාර ලොකුහෙට්ටිගේ සමඟ ජීවන්ත කුලතුංග අදාළ හෝටලයට ගොස් තිබෙනවා.
එහිදි රොබින් මොරිස් විසින් සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලියකට සම්බන්ධ කර ගැනීමට මොරිස් ජීවන්ත, දිල්හාර සමග සාකච්ජා කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරික්ෂණයට උපරිම සහාය ලබා දෙන බවට ජීවන්ත කුලංතුංග සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඊයේ රැස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේ මුදලට තරග පාවාදීම් පිළිබඳව ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට එල්ල වන චෝදනා පිලිබද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටයි.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයකට සහාය දක්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Latest News
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි
Local
22 September 2026
ජනාධිපති ඇස් වහගෙන ඉන්න නිසා ආණ්ඩුවේ හොරකම් වෙනවා - නාමල් රාජපක්ෂ
Local
22 September 2026
සුරේෂ් සලේ ලබන 28 තෙක් ජාතික රෝහලේ
Local
22 September 2026
ලංකාවෙන් ලොවට: වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි
Local
22 September 2026