ප්‍රවීන ගත්කතුවරයෙකු වන සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

Saturday, 09 June 2018 - 10:40

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා.

කන්දෙගෙදර, දු දරුවෝ ආදී ටෙලිනාට්‍ය මෙන්ම මිහිදුම් සිහින, අම්මාවරුනේ ආදී චිත්‍රපට රැසක තිර රචන සෝමවීර සේනානායකගේ නිර්මාණ අතර වනවා.

1944 වසරේ ගම්පහ - උඩුගම්පොළ උපත ලැබූ සෝමවීර සේනානායක කුඩගම - මිශ්‍ර කණිෂ්ඨ පාසල, අවිස්සාවේල්ල සීතාවක මහා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා.

පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහුගේ කුළුඳුල් කෘතිය වූ යශෝරාවයට 1978 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories