General16 June 2018

පානදුරේ අනතුරකින් දෙදරු පියෙකුගේ දිවි අහිමිවෙයි

පානදුර, ගොරකපොළ ප්‍රදේශයේ අද (16) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගය පසෙක නවතා තිබූ ත්‍රිරෝද රථයක් පසුපසින් පැමිණි ගලි බවුසරයක් විසින් අනතුරකට පත්කර ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ මෙරියවත්ත, තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි දෙදරු පියෙක්.

අනතුර සිදුකළ ගලි බවුසරයේ රියදුරු සහ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා අතර කලක සිට ආරවුලක් පැවති බවට අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද පෙරවරුවේද ඔවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇතියි සඳහන්.

අනතුරුව ත්‍රිරෝද රථය පසුපස පැමිණි ගලි බවුසරයේ රියදුරු මෙම අනතුර සිදුකර තිබෙනවා.

මෙම සිදුවීම පුද්ගල ඝාතනයක් බවට සලකා පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.



Related recommendation
Hiru TV News | Programmes