මෙරට විදේශ ගමන් බලපත්‍ර, මෙතෙක් ඒවා ලබාගත් එපික් ලංකා පෞද්ගලික සමාගමෙන්ම මිලදී ගැනීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10 ක් මෙම සමාගමෙන් මිලදී ගැනීමට කටයුතු කරන බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න, හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
විදෙස් ගමන් බලපත්‍ර තොග සංචිතය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවට අදාළ සමාගම මීට පෙර රජයට දැනුම්දී තිබූ අතර, ඒ අනුව නව තොග ලබාගැනීම සඳහා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ඊට විරෝධය පළ කළ අතර, ඒ අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ ගැටළුව පිළිබඳ සොයාබැලීම සඳහා අමාත්‍යාංශ 3 ක ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි.
අනතුරුව ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම මෙරට මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන ඩිලාරූ සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
එහෙත් එම සමාගම හරහා ගමන් බලපත්‍ර මුද්‍රණය කරවාගැනීම කල් යාම සහ ඉදිරියේදී විදේශ ගමන් බලපත්‍ර හිඟයක් ඇතිවීමේ අවදානම සළකා පැරණි සමාගමෙන්ම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන් බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත් සියලූ රටවල් සඳහා වළංගු වන පරිදි නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත්‍ර මේ වනවිට අවසන් වී ඇති බවට හිරු ප්රවෘත්ති අංශයට වාර්තාවුණා.
ඒ අනුව සියලූ රටවල් සඳහා වලංගු වන ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කරන්නන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මේ වනවිට නිකුත් කරන්නේ සියලූ රටවල් සඳහා වලංගු බවට මුද්‍රාවක් සහිත මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු ගමන් බලපත්රයි.
අප මේ සම්බන්ධයෙන්ද විෂයභාර අමාත්‍ය එස්.බී. නාවින්නගෙන් විමසා සිටි අතර, එය ගැටළුවක් නොවන බවයි ඔහු කියා සිටියේ.

Latest News
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026