ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද පස්වරුවේ භාර දී තිබෙනවා.
මේ අතර, එල්.ටී.ටී.ඊ. ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පසුගිය 02 වැනිදා යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකළ අතර, ඒ අනුව තමන් හමුවන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ දැනුම්දීමකට අනුව ඇය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණියා.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඇය මාධ්‍ය මඟහැර එම ස්ථානයෙන් පිටව ගිය අතර, අද ඇය කියා සිටියේ තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරිය අදාළ ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී අත්පොළසන් දෙමින් ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගන් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, අද රැස්වූ බියගම ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ නියෝජිතයින් එම සභාව ඉදිරිපිටදී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට එරෙහිව විරෝධතාවක් සිදු කළා.
ඔවුන් එහිදී එල්.ටී.ටී.ඊ. නායක වේළුපීල්ලේ ප්රභාකරන්ගේ අනුරුවකටද ගිනි තැබුවා.
ගාල්ල මහ නගර සභාවේ අද පැවති මාසික රැස්වීම අතරතුරද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කර පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වුණා.
එසේම, තලවකැලේ ලිඳුල නගර සභාව අද රැස්වූ අවස්ථාවේදී එහි සභාපති අශෝක සේපාල, ඇයගේ ප්‍රකාශයට එරෙහිව කළු පටි පැළඳ විරෝධය දක්වමින් සෙසු නියෝජිතයින්ටද ඒ සඳහා එක්වන ලෙස ආරාධනා කළත්, ඊට සහය දැක්වූයේ තවත් දෙදෙනෙකු පමණයි.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද අද කළුපටි පැළඳ, විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් සභාවට පැමිණ සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකගේ සහ පළාත් පාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අම්පාර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක්ද අද පැවැත්වුණා.
එමෙන්ම, උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනි ආනන්දි ශෂිදරන් නිවේදනයක් නිකුත් කරමින් විජයකලා මහේෂ්වරන් අමාත්‍ය ධුරයෙන් හෝ මන්ත්‍රී ධූරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය, වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව උදාහරණයක් වශයෙන් යොදාගෙන ඇති බවයි.
මේ අතර, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ස්වාමි පුරුෂයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.මහේෂ්වරන් 2008 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය කොටහේන ප්‍රදේශයේ කෝවිලක් ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුද ඇමතිවරියගේ ප්‍රකාශය පිළීබඳව අද අදහස් පළ කළා.
ඝණනාදන් නිත්‍යානන්දන් නැමැති ඔහු, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ රාජ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශ පරස්පර බවයි.
එබැවින් ඇයගේ දේශපාලනය සම්බන්ධයෙන් තමන්ට කිසිදු අදහසක් නොමැති බවද ඔහු කියා සිටියා.

Latest News
ගිලා බැසීමේ අවදානමක්: නාවලපිටිය - ගිනිගත්හේන පාර තාවකාලිකව වැසේ
Local
03 August 2026
මහර බන්ධනාගාර අර්බුදයේ වගකීම භාරගෙන අධිකරණ අමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුයි! - ෆ්‍රී ලෝයර්ස්
Local
03 August 2026
හැටන් නිවසකට පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මරුට
Local
03 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකය පහළට
Local
03 August 2026
ඉදිරි පැය 36 තුළ දිස්ත්‍රික් කිහිපයකට තද වැසි
Local
03 August 2026
කැලණි නිම්නයේ පහත්බිම් රැසකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක්
Local
03 August 2026
පාස්කු ප්‍රහාර විමර්ශනට අදාලව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම ගැන ගෝඨාභයගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 22
Local
03 August 2026
පැයක් ඇතුළත දඹුල්ලේ අනතුරු තුනක්
Local
03 August 2026
අයහපත් කාලගුණය හෙට දහවල් අඩුවේ: ටයිෆූන් බලපෑමෙන් 06 වැනිදා සිට නැවතත් වැසි
Local
03 August 2026
Melwa Challenge Trophy දිවයින පුරා ඇරඹෙයි
Local
03 August 2026