General05 July 2018

ඉන්ධන මිල ගණන් යළි ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල යන බවයි.

ඒ අනුව රුපියල් 137 ක්ව පවතින එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 155 ක්.

ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක් වනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.
Related recommendation
Hiru TV News | Programmes