තම වගා බිම් ඔස්සේ රජය ඉදිකරන අලි වැටට විරෝධය දක්වමින් ලූණුගම්වෙහෙර - දෙවුරම්වෙහෙර ප්‍රදේශයේ ගම්මාන 4 ක ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් ආරම්භ කළා.
මාතර - වැල්ලවාය ප්‍රධාන මාර්ගය දෙවුරම්වෙහෙර 70 කණුව මංසන්ධියෙන් අවහිර කරමින් මොවුන් විරෝධතාවයේ නිරත වුණා.
මෙම විරෝධතාවය පවත්වන ස්ථානයට ලූණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ අදාළ ගැටලූවට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ගම්වදින වනඅලින් පලවා හැරීම සඳහා පසුගිය සඳුදා ආරම්භ කළ මෙහෙයුම සාර්ථක වුවත්, එලෙස පලවා හරින වනඅලි රඳවා ගැනීම සඳහා ඉදිකළ විදුලි වැටෙහි ගැටලූ කිහිපයක් පවතින බව වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
එහි සභාපති එස්.කේ.මහින්ද ඒ සම්බන්ධයෙන් චෝදනා කළේ වනජිවි නිලධාරින්ටයි.
මෙහි වනඅලි පලවා හැරීමේ මෙහෙයුම ආරම්භ වූයේ අදාළ ගොවි සංවිධානය විසින් පසුගිය මස 21 වනදා සිදුකළ උපවාසයෙන් අනතුරුවයි.
එහිදී ප්‍රදේශවාසින් සහ වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වනජිවි කාර්යාල නිලධාරින් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් එම මෙහෙයුම තාවකාලිකව නතර කෙරුණා.
කෙසේ නමුත් මෙම වනඅලි එලවීමේ මෙහෙයුමේ දෙවන අදියර ඊයේ ආරම්භ කෙරුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
හම්බන්තොට - කටුවැව ප්‍රදේශයේ සහ වරාය ආසන්නයේ රැදී සිටින වනඅලීන් පලවා හැරීම සඳහා අදාළ මෙහෙයුම පැය 7 ක කාලයක් තුළ සිදුකළ අතර එලෙස පලවා හරින වනඅලීන් කළමනාකරණ රක්ෂිතය වෙත යොමුකරනු ලැබුවා.

Latest News
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026
නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැටලීම් තුනකින් තිදෙනෙක් දැලේ
Local
12 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
12 July 2026
ඩෙංගු අධිඅවදානම් කලාප 60ක මදුරු මර්දන මෙහෙයුමක්
Local
12 July 2026
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
2027 අයවැය නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් ලග්ගලදී කතක් මරුට
Local
12 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු
Local
12 July 2026
ගුටිබැට ගැටුම් මැද මදුරන්කුලිය කඩයමොට්ට සමූපේ බලය පොහොට්ටුවට:
Local
12 July 2026