General26 September 2018

සරණාගත ප්‍රශ්ණය ඇති රටවල් ශක්තිමත් කළ යුතුයි - ජනපති

සරණාගතයින් පිළිබද ගැටලූවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල් පුළුල් සහ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම අමතමින්.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සමුළුව නිව්යෝක් නුවර පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේදී ආරම්භ වුණේ ‘‘එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම සහ සාමකාමී හා තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන්න තේමා කර ගනිමින්.

Related recommendation
Hiru TV News | Programmes