General26 September 2018

පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑ 3 ක් පොලිස් දැලේ

යාපනය - චාවකච්චේරි නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පෙම් යුවළක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණිය අදාළ මූල්‍ය සමාගමේම සේවය කරන තරුණියක් බවයි පොලීසිය සඳහන් කළේ.

මූල්‍ය ආයතනයේ මුදල් එහි කළමනාකරු ඇතුලූ සේවකයින්  බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර පලාගොස් තිබුණේ පසුගිය 19 වනදායි.

ඊට අදාළ තොරතුරු මෙම තරුණිය විසින් ලබාදුන් බවට පොලීසිය සැක කරනවා.

මුදල් බැංකුවට රැගෙන යාමට සූදානම් වන බවට ඇය සිය පෙම්වතාට දැනුම්දීමෙන් අනතුරුව මෙම කොල්ලකෑම සිදුවී ඇති බවටයි හෙළිවී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes