පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සිදුකළ ප්‍රකාශ පිළිබද පැමිණිල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළා.
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ ප්‍රකාශ නිකුත් කර ඇති බවට පොලිස් මූලස්ථානයට පැමිණිලි කළේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකරයි.
ඒ අනුව, පොලිස්පති පූජිත ජයසුන්දර එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති අතර අද පැමිණිලිකරුගෙන් ඊට අදාළ දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙනවා.
අනතුරුව කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත, පොලීසිය කරුණු දැක්වීමෙන් පසු අධිකරණය නියෝග කර ඇත්තේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනි නාලිකාවලින් ලබා ගන්නා ලෙසයි.
පොලීසිය මීට අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේයි.
මේ අතර, සමන් රත්නප්‍රිය සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මව්බිම සුරැකීමේ ජාතික සම්මේලනය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කළා.
සමන් රත්නප්‍රියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් මාතෘ භූමි සුරක්ෂා පදනම ද ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

Latest News
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026
කොලොන්නාවේ ගංවතුර පාලනයට ඒකාබද්ධ ආයතනික සැලැස්මක්!
Local
28 July 2026
ප්‍රාදේශීය කර්මාන්තපුර 13කින් ඉඩම් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
හිරු රාජධර්ම ප්‍රතිපදා වැඩසටහන හෙට කැලණිය රජ මහා විහාරයේදී භික්ෂූන්වහන්සේලා දහස් නමක් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාව
Local
28 July 2026
දෙවිනුවර පෙරහරේ කාවඩි නර්තන සාමාජිකයෙක් මත්ද්‍රව්‍ය එක්ක දැලේ
Local
28 July 2026
ජනාධිපති මන්දිර 05ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
28 July 2026
''විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ'' - ජී.එල්. පීරිස්
Local
28 July 2026
CARAT – 2026 ද්වීපාර්ශ්වික අභ්‍යාසය ත්‍රිකුණාමලය සාම්පූර්හිදී ඇරඹෙයි
Local
28 July 2026
ShakthiSAT ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික දියණියකට අවස්ථාව
Local
28 July 2026
ජපානයේ කියුෂු කලාපයට රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක්
Local
28 July 2026