General27 December 2018

වයඹ විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් - දෙදෙනෙකු රෝහලේ

වයඹ විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නවක වදයට එරෙහි වූ බව කියන එම විශ්වවිද්‍යාලයේම තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී තවත් සිසුන් පිරිසක් පහරදී තිබෙනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසකටයි.

තාක්ෂණ පීඨයේ සිසුන් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එය නතර කොට ඊයේ මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ මෙම පහරදීම සම්බන්ධයෙන් සිසුන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes