නිත්තෑවන් නමින් ප්‍රසිද්ධියට පත් කුරු මිනිසුන් ගම්මානවල සැරිසරන බවට මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා.
එහි අලූත්ම තොරතුරු වාර්තාවන්නේ වලස්මුල්ල ප්‍රදේශයෙන්. ඒ අනුව වලස්මුල්ල - දෙහිගහහේන - වීඩපොල ප්‍රදේශයේ නිත්තෑවන් සැරිසරන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
ප්‍රදේශයේ නිවසක සිටි දැරියක් නිත්තෑවෙකු දැකීම හේතුවෙන් සිහිසුන්ව ඇද වැටුණු බව එම දැරියගේ මව සඳහන් කළා.
එම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව නිත්තෑවන් පැමිණි බවට පැවසෙන අඩි සළකුණු ඔස්සේ ගමන් කරමින් රාත්‍රි කාලයේ සෝදිසි කිරීම්වලද නිරතවුණා.
නිත්තෑවන් පිළිබඳව මෑත කාලයේ මුල්වරට වාර්තාවුණේ අම්පාර - දමන ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ හේන් ගොවීන් පිරිසක් නිත්තෑවන් දුටු බවයි මීට පෙර ඔවුන් ප්‍රකාශ කළේ.
අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේද නිත්තෑවන් සැරිසරන බවට එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් එම ප්‍රදේශවල සැරිසැරූ බව කියන කුරු මිනිසුන් නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.
මෙම සිද්ධීන් සමඟ මෙරටින් වඳ වී ගිය බවට සැලකෙන නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳව යළිත් සමාජය තුළ කතාබහක් මතු වී තිබෙනවා.
සමාජ විද්‍යාඥයින් සහ ගවේෂකයන් පළ කර ඇති මතවලට අනුව නිත්තෑවන් යනු මිනිසුන් මෙන් දෙපාවලින් ඇවිද යා හැකි සත්ව මුහුණක් සහිත ශරීරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ව කොට්ඨාශයක්.
මෙම නිත්තෑවන් හෙවත් කුරු මිනිසුන් සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් අදහස් දක්වමින් කියා සිටියේ නිත්තෑවන් පිළිබඳව කථාබහක් පැවතියත් ඔවුන් ඇසින් දුටු කිසිවෙකුත් නොමැති බවයි.

Latest News
විහාර මහාදේවී උද්යානයේ භික්ෂූන්ට එල්ල කළ බව කියන ප්රහාරය විපක්ෂ නායක සජිත් හෙළා දකී
Local
18 October 2026
විදුලි බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
Local
17 October 2026
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026
සම්ප්රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි
Local
17 October 2026