2018 වසරේ දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීමේ දී නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු වන බවයි.
විභාගය මධ්‍යස්ථාන 4661ක දී පැවැත්වු අතර ඊට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 656641ක්.
දෙසැම්බර් 12 වනදා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු අතර පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කෙරුනේ දෙසැම්බර් 23 වනදායි.
මෙවර නිකුත් වු ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ගේ නාම ලේඛණය ද නිකුත්වී තිබෙනවා.
2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන ස්ථාන 5ක් පවතිනවා.
දිවයිනේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකුටයි.
පළමු ස්ථානයට විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුසවිතාන සිසුවිය පත්වී ඇති අතර දෙවන ස්ථානය හිමිවී ඇත්තේ එම විද්‍යාලයේම සචිති හංසදී සිසුවියටයි.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා පිළිවෙලින් අනෙක් දෙවන ස්ථානවලට පත්වී තිබෙනවා.
2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සිසු සිසුවියන් 656,984ක් අයදුම්කර තිබු අතර විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 518,184ක්.
ඉන් උසස් පෙළ සඳහා 235,373 ක් සුදුසුකම් ලබා තිබෙනවා.
එය ප්‍රතිශතයක් ලෙසට 71.66% ක්.
මෙවර විභාගයෙන් ගණිතය විෂය සමත්වු ප්‍රතිශතය 64.11%ක්.
A සාමාර්ථ 9ක් ලබාගත් සිසු සිසුවියන් 9413ක් ද වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත සඳහන් කළේ මෙවර ප්‍රතිඵලවලට අදාළව විදේශ රටවල භාවිතය සහ දේශීය භාවිතය සඳහා එක්දින සේවාව යටතේ සහතික පත්‍ර නිකුත් කිරීම විභාග දෙපාර්තමේන්තුවේ සහතික පත්‍ර ශාඛාව මගින් අප්‍රේල් පළමුවනදා සිට සිදු කරන බවයි.
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 2784208, 011 2784537, 0113188350 හෝ 0113140314 අංකවලින් විමසීම් කළ හැකියි.
එමෙන්ම 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද තොරතුරු ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.
කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන හෙට පෙරවරු 10න් පසු පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පමණක් නිකුත් කරනු ඇති.
අනෙක් සියලු පාසල් වෙත ප්‍රතිඵල ලේඛන හෙට තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කෙරෙනු ඇති.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු අයදුම්කරුවන් ලබන අප්‍රේල් මස 12වනදාට පෙර අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුයි.
පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමග විදුහල්පතිවරුන් වෙත යවනු ලබනවා.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර හෙට දින ජාතික පුවත්පත්වල පළ කරනු ලබන දැන්වීම අනුව සම්පූර්ණ කර එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Latest News
නුවරඑළියේ දුරකථන රැහැන් තඹ කම්බි සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට: අගෝස්තු 31 දක්වා රිමාන්ඩ්
Local
24 August 2026
බන්ධනාගාරයෙන් මියගියා කී කීර්තිසේන හදිසියේම මළගෙදරට එයි : පණපිටින් ආ පුද්ගලයා නිසා ගමම කැළඹේ
Local
24 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළව වවුනියාවේ පුද්ගලයෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
Local
24 August 2026
තලාව ප්‍රාදේශීය සභාවේදී උණුසුම් තත්ත්වයක්
Local
24 August 2026
වියළි කාළගුණයෙන් අක්කර අටදහසකට වගා හානි : ජලය සැපයීමත් අවදානම්
Local
24 August 2026
වියළි කාලගුණය සැප්තැම්බර් අග දක්වා
Local
24 August 2026
පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 දා
Local
24 August 2026
පොල්ගසක් කපමින් සිටියදී එය ඇඟට වැටී පදවියේ පුද්ගලයෙක් මරුට
Local
24 August 2026
පරම වීර විභූෂණලාභී දිවංගත කෝප්රල් පුෂ්පමාල් රණවිරුවාගේ මව්පියන් යුද හමුදාපතිගේ ඇගයීමට
Local
24 August 2026
2027 විභාග දින ප්‍රකාශයට පත් වෙයි : ශිෂ්‍යත්වය අගෝස්තු 01; උසස් පෙළ අගෝස්තු 03; සාමාන්‍ය පෙළ දෙසැම්බර් 07
Local
24 August 2026