බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ කිහිපදෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

Thursday, 25 April 2019 - 17:39

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු  හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට අදාළවයි.

මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

071 8591771
011 2422176
011 2395605

මෙහි සැකකාරියන් වන්නේ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා, ෆාතිමා ලතීෆා සහ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා නැමැත්තියන්.

පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා මීගමුව - කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ බිරිඳ වනවා.

අනෙක් සැකකරුවන් අතරට සහරාන් හෂීම් නැමැත්තාගේ සහෝදරයින්ද අයත්.

මොවුන් මාවනැල්ල ප්‍රදේශයේදී බුදු පිළිම කැඞීමේ සිද්ධියට සහ වනාතවිල්ලූව ප්‍රදේශයෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බවටයි හෙලි වී ඇත්තේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories