General26 April 2019

කල්මුනේ - චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට යළි දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය

කල්මුනේ - චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ, කල්මුනේ - සයින්දමර්දු සහ සමන්තුරේ යන ප්‍ර දේශවල මේවන විට මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කල්මුණේ සයින්දමර්දු ප්‍ර දේශයේ ත්‍රස්තවාදීන් සැගව සිටින ආරක්ෂක නිවස්නයක් කලින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වටලා තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතරල පිපිරීම් තුනක්ද සිදුවී තිබෙනවා.

ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බවයි.




Related recommendation
Hiru TV News | Programmes