කල්මුණේ - සයින්දමරුදු ප්‍රදේශයේ වෙඩි හුවමාරුව සහ පිපිරීම් සිදුවූ ස්ථානයේ තිබී මළ සිරුරු 15ක් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඒ අතර පිරිමි මළ සිරුරු 6ක්, කාන්තා මළ සිරුරු 3ක් සහ කුඩා ළමයින්ගේ මළ සිරුරු 6ක් ද සොයාගෙන ඇති බවයි.
එමෙන්ම අසළ නිවසක සිටි බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවක් සහ කුඩා ළමයෙකු රෝහල් ගත කිරීමට ද ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා.
මිය ගිය පුද්ගලයින් අතර සිටින පිරිමි පුද්ගලයන් 06 දෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන්නට ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.
කෙසේ වෙතත්, මෙම වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක අංශ වෙත කිසිදු හානියක් සිදුව නැහැ.
නින්දවූර් ප්‍රදේශයේ මෙහෙයුමේදී තවත් අලුත්ම වෑන් රථයක් හමුදා භාරයට ගෙන ඇති අතර, ඒ අනුව එය පාස්කු ඉරිදා ප්‍රහාර මෙහෙය වූ ජාතික තවුහිඩ් ජමාට් සංවිධානයේ නායක සහරාන්ගේ මස්සිනා වන නියාස් නැමැත්තාගේ බව හෙළි වී තිබෙනවා.
හැඳුනුම්පත් දෙකක් ද එහිදී හමුවී ඇති අතර, මූලික වාර්තාවලින් අනාවරණ වී ඇත්තේ එම වෑන් රථය අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් පසුගිය අප්‍රේල් 19 වන දා මිලට ගෙන එහි රැගෙන විත් ඇති බවයි.
සයින්දමරුදු ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙහෙයුමේදී ත්රස්තවාදීන් සැඟවී සිටින ආරක්ෂක නිවස්නයක් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ බලකාය එක්ව වටලනු ලැබුවා.
එහිදි ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ල වූ අතර, පිපිරීම් 03ක් ද සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙම පිපිරීම සිදුකර ගන්නට ඇති බවටයි.
මේ වන විට එම ප්‍රදේශයේ යුද හමුදාව විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ 2500කට අධික පිරිසක් සයින්දමරුදු - කාරියප්පර් ක්‍රීඩාංගණය වෙත ගෙන්වාගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර, අම්පාර - සමන්තුරය ප්‍රදේශයේ නිවසක් තුළ තිබී බෝම්බ පිපිරීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය ඊයේ (26) රාත්‍රියේ සොයා ගත්තා.
ඒ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අම්පාර පොලිස් කොට්ඨාශයේ නිලධාරින් වෙත දැනුම්දීමෙන් පසු සිදුකළ මෙහෙයුමකදීයි.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවල මරාගෙන මැරෙන බෝම්බකරුවන් යැයි සැක කරන පිරිසක් නිකුත් කළ බවට සැකකරන වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන එම පුද්ගලයන් ඇඳ සිටින ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක් ද මෙහිදී සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරය බවට සැකකරන තිරයක් ද එහිදී සොයා ගත් බවයි.
මීට අමතරව, ජෙලග්නයිට් කූරු 150 කට අධික ප්‍රමාණයක්, යකඩ බෝල ලක්ෂයක පමණ ප්‍රමාණයක්, ඩ්‍රෝන කැමරාවක්, සැක කටයුතු වෑන් රථයක් හා ලැප්ටොප් පරිගණයක් ඇතුළු දේපල රැසක් මෙහිදී සොයා ගත් බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.
මෙම සිද්ධීන් සමඟ කල්මුණේ, චවලකඩේ සහ සමන්තුරය යන පොලිස් බල ප්‍රදේශවලට ඊයේ (26) රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පනවනු ලැබුවා.

Latest News
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026
නේපාලයේ විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවෙන් දුන් ඩොලර් මිලියනය නේපාල රජයට භාරදෙයි
Local
09 September 2026
තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා - ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට
Local
09 September 2026
වාහන 1,000ක් සිරවෙලා: Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
Local
09 September 2026
මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක: කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
Local
09 September 2026
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
09 September 2026
බර අඩු පාන් සොයා දිවයින පුරා විශේෂ වැටලිම්
Local
09 September 2026
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
Local
09 September 2026