International28 April 2019

ඇමරිකාවේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්

ඇමරිකාවේ කැලිෆෝනියා හි සැන් ඩියේගෝ නුවර යුදෙව් ආගමික සම්මුති ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එහිදී කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් තුන්දනෙකු තුවාල ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත්තේ යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය සමරමින් සිටි අවස්ථාවකයි. මෙය වෛරය පදනම් කරගත් අපරාධකාරී සිද්ධියක් ලෙසයි ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වූයේ.

මීට මාස 6 කට පෙරද ඇමරිකාවේ පිට්ස්බර්ග් හි යුදෙව් සම්මුති ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ අතර, එහිදී යුදෙව් බැතිමතුන් 11 දෙනෙකු ජීිවිතක්ෂයට පත්වුණා.
Related recommendation
Hiru TV News | Programmes