General01 May 2019

නීතිවිරෝධීව මසුන් ඇල්ලූ 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

ත්‍රිකුණාමලය - චැපල් දූපත අවට ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත භට පිරිසක් සිදුකළ මුර සංචාරයක් අතරතුරදීයි ඊයේ මෙලෙස මසුන් මරමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සන්තකයේ තිබී මසුන් කිලෝ ග්‍රෑම් 50 ක්, ඩිංගි යාත්‍රාවක් සහ නීතිවිරෝධී දැල් ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes