ජීවිත 253 ක් බිලිගනිමින් පසුගිය අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සෞදි අරාබිය දැනුවත් වී සිටි බව ලෙබනන පුවත්පතක් හෙළි කරනවා.
අල්අහේඩ් නැමති එම පුවත් වෙබ් අඩවිය එම ප්‍රකාශය සිදුකළේ සෞදි අරාබි විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ්ගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා වෙත යොමුකළ රහසිගත ලිපියක්ද උපුටා දක්වමින්.
අරාබි හිජ්රි දින දසුනට අනුව 1440 වසරේ 08 වන මස 11 වැනි දින එනම් 2019 අප්‍රේල් 16 වැනිදා, පාස්කු ඉරිදා දින ප්‍රහාරයට දින 05 කට පෙරයි එම ලිපිය මෙලෙස ශ්‍රී ලංකාවේ සෞදි තානාපති අබ්දුල් නසාර් බින් හුසේන් අල් හරේති වෙත යොමුකර ඇත්තේ.
එහි මුලින්ම දක්වා ඇත්තේ දේශීය, විදේශීය සාමාජිකයන් සහ කණ්ඩායම් සමඟ සිදුකළ සන්නිවේදනයන් පරිගණක දත්ත ගබඩාවෙන් ඉවත් කරන ලෙසයි.
අවශ්‍ය නම් සෞදි තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට ඇඳිරි නීතියක් පනවන ලෙසද එමඟින් දන්වා තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ විශේෂයෙන් පාස්කු ඉරිදා දිනයේ පොදු ස්ථාන සහ ජනයා ගැවසෙන ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසත්, විශේෂයෙන් දේවස්ථානවලින් එලෙස ඈත් වී සිටින ලෙසත් එහි දක්වා ඇති බව සඳහන්.
සෞදි අරාබි රජයට සම්බන්ධ මෙරට සිටින සියළු අංශ වෙත ඒ බව දැනුම්දෙන ලෙසද අදාළ ලිපියේ දක්වා තිබෙනවා.
එමෙන්ම, සෞදි විදේශ අමාත්‍යවරයා මෙරට සිය තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා බලධාරීන්ගේ ප්‍රතිචාර පිළිබඳව තමන්ට නිරන්තරයෙන් දන්වා එවන ලෙසයි.
මේ අතර, මෙරට රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට වහා සිය රටට පැමිණෙන ලෙස එරට රජය උපදෙස් ලබාදී තිබුණා.
එරට රජයේ රූපවාහිනී නාලිකාවක් වන අල් එක්බරියා රූපවාහිනී සේවය නිවේදනය කළේ් ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කාර්යාලය හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින සෞදි වැසියන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බවයි.

Latest News
බීජිං පාලනයේ රහසිගත දේශපාලන මැදිහත්වීම් ගැන තොරතුරු රැසක් එළියට
Local
29 July 2026
ඉන්දු - ඔස්ට්‍රේලියා සූර්ය බලශක්ති පුහුණු ඇකඩමියේ පළමු පුහුණු කණ්ඩායම වැඩ අරඹයි
Local
29 July 2026
යුද්ධයෙන් නිවාස අහිමිවූවන්ට ඉදිරි වසර දෙකේදී නිවාස 13,000ක් - ජනපති
Local
28 July 2026
පාකිස්ථානයේ චීන ආයෝජනවලට බලොකිස්ථාන කැරලිකරුවන්ගෙන් තර්ජන
Local
28 July 2026
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026