පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සුපිරි සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තම රට දැනුවත්ව සිටි බවට ලෙබනන පුවත්පතක් කළ අනාවරණය තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය පවසනවා.
අල් අහේඩ් නමැති ලෙබනනයේ පුවත් වෙබ් අඩවිය අදාල ප්‍රකාශය සිදු කළේ සෞදි අරාබි විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් බින් අබ්දුල් අසීස් අල් අසාෆ්ගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා වෙත යොමු කළ රහසිගත ලිපියක්ද උපුටා දක්වමින්.
ප්‍රහාරයට දින 05කට පෙර එනම් අප්‍රේල් 16 වනදා ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා වෙත යොමු කළ මෙම ලිපියේ මුලින්ම දක්වා තිබූණේ දේශීය, විදේශීය සමාජිකයින් සහ කණ්ඩායම් සමඟ සිදුකළ සන්නිවේදනයන් පරිගණක දත්ත ගබඩාවෙන් ඉවත් කරන ලෙසයි.
ඉදිරි දින කිහිපය තුල විශේෂයෙන් පාස්කු ඉරිදා දිනයේ විශේෂයෙන් දේවස්ථානවලින්, පොදු ස්ථාන සහ ජනයා ගැවසෙන ස්ථාන වලින් ඈත්වී සිටින ලෙසත් එමඟින් දක්වා තිබුණා.
සෞදි රජයට එරෙහිව වැරදිසහගත චෝදනා එල්ල කරමින් පළ වූ එම පුවත සම්බන්ධයෙන් තමන් දැඩි නොසතුට පළ කරන අතර, එය හෙළා දකින බවයි සෞදි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සිද්ධීන්වලට සෞදි අරාබියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරන්නේ යැයි ද එමගින් වැඩිදුරටත් කියා සිටියා.
එම පුවතට කිසිදු පදනමක් නොමැති බවත්, අදාළ මූලාශ්‍රයේ විශ්වසනීයත්වය පිළිබදව ගැටළුවක් පවතින බවත්, සෞදි තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

Latest News
කුඩා ගඟේ ජල මට්ටම ඉහළට: දිස්ත්‍රික්ක 4කට අදියර 01 යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්
Local
12 June 2026
සිඩ්නි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු සැර වදී: නිරුපද්‍රිතව යළි කටුනායකට ගොඩබස්වයි
Local
12 June 2026
කොදෙව් පිලට ලකුණු 148ක ඉලක්කයක්
Local
12 June 2026
ඉරානය සමග සාම ගිවිසුම මේ සති අන්තයේ අත්සන් කිරීමට සූදානමක්: ට්‍රම්ප්
Local
12 June 2026
ප්‍රදේශ කිහිපයකට මි. මී 75ට වඩා තද වැසි
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම ඉතිහාසයේ පළමුවරට රතු කාඩ්පත් තුනක්
Local
12 June 2026
පාපන්දු ලෝක කුසලාන සමාරම්භයේදීම මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
12 June 2026
2026 ලෝක කුසලානයේ පළමු ගෝලය මෙක්සිකෝවේ කිනෝනස්ගෙන්
Local
12 June 2026
ඩොලර් හොයන්න ඉන්දීය මහ බැංකුව ගැසූ මූල්‍ය ගැටය සාර්ථක වෙයි: ඩොලර් බිලියන 3ක ණය අරමුදල් රැස් කරයි!
Local
12 June 2026
ඉරානයට එල්ල කිරීමට තිබූ ප්‍රහාර ට්‍රම්ප් අවලංගු කරයි
Local
11 June 2026