General13 May 2019

ජනපති චීනය බලා පිටත්ව යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 302 දරණ යානයෙන් අද (13) පෙරවරු 7.35 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම සමුළුව ලබන බදාදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා ඇතුලු 27 දෙනෙකු මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.


Related recommendation
Hiru TV News | Programmes