චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව තවත් කාන්තාවන් තුන් දෙනෙකු රෝහලේ පාලන අධිකාරිය වෙත පැමිණිලි කර තිබෙනවා.
මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු මෙම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කර තිබූ අතර, ඒ අනුව මොවුන් පස්දෙනාගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇති බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.
සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහරෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේයි.
ඒ, ඔහුගේ කුරුණෑගල නුවර පාරේ පිහිටි නිවසේදියි. පසුව මොහු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.
42 හැවිරිදි මොහු වසර 13 කට අධික කාලයක් රෝහල් තුනක ප්‍රසව සහ නාරි වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කර තිබෙනවා.
සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර, එම වාර්තාවලින් පසුවයි මොහු සම්බන්ධයෙන් කරුණු අනාවරණ වුණේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසටයි.
මේ අතර, චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් පරිපාලන අධිකාරියෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026