අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අස්ගිරි මහ නාහිමියන්ගේ නිල ආරාමයේදී අද පස්වරුවේ පැවැත්වුණා.
ඊට කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් මෙන්ම මල්වතු සහ අස්ගිරි පාර්ශවවල අනුනායක හිමිවරුන්, ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
එහිදී රටේ පවතින තත්ත්වයත් සමඟ ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් කියා සිටියේ කරුණු 15 කින් යුත් එකඟතාවකට එහිදී පැමිණි බවයි.
ඒ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.
පස්වරු 2.30ට ආරම්භ වූ සාකච්ඡාව පැය 3 කට ආසන්න කාලයක් පැවති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර චෝදණාවට ලක්වූ මුස්ලිම් අමාත්‍යවරුන් හැර සෙසු අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුබව ත්‍රෛනිකායක මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් මහනුවර පැවදි විශේෂ සංඝ සමුළුවේදී තීරණය කර තිබෙනවා.

Latest News
අස්වැසුම ප්රතිලාභීන්ගෙන් මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Local
17 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.78
Local
17 July 2026
අමෙරිකාවෙන් බ්‍රසීලයට නව තීරු බද්දක්
Local
17 July 2026
ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට
Local
17 July 2026
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගොනු කළ අතරමැදි පෙත්සම් සලකා බැලීමට දින දෙයි
Local
17 July 2026
2025ට වඩා තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 3.88කින් පහළට - නවතම වාර්තාවකින් හෙළිවෙයි
Local
17 July 2026
ට්‍රම්ප්ගේ කතාවල රහස් වලින් ඔට්ටු තබා ඩොලර් ලක්ෂයක් උපයූ ධවල මන්දිරයේ ටෙලිප්‍රොම්ප්ටර් නිලධාරියාගේ වැඩ තහනම්!
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මියයෑම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් දෙකක්
Local
17 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
17 July 2026