වවුනියාවේ වැව්වල මසුන් හදිසියේ මියයයි

Tuesday, 18 June 2019 - 11:30

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වවුනියාව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟය හේතුවෙන් මේ වනවිට වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් කිහිපයක මසුන් මියයාමේ තත්වයක් උද්ගතව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ වවුනියාව - මුනාමඩුව වැවේ මසුන් දින ගණනාවක සිට මියයමින් සිටින අතර ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හටගෙන ඇති බවයි.

මීට අමතරව වැවේ ජලය ද ක්‍රමයෙන් පහත බැස ඇති අතර ඒ හේතුවෙන් මසුන් මියයන බවට තමන් විශ්වාස කරන බවයි ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය දැනුවත් කර ඇති අතර, ඊයේ (17) වවුනියාව මහජන සෞඛ්‍ය නිළධාරීන් පැමිණ මසුන් මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.  

වැව පරීක්ෂා කළ වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පැවසූවේ වැවේ ජලය අඩුවීම හේතුවෙන් වැව් ජලය රත්වීම හා ජලයේ ඔක්සිජන් ප්‍රතිශතය අවමවීම හේතුවෙන් මසුන් මියගොස් ඇති බවට සැක පළ කරන බවයි.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories