General29 June 2019

ධීවරයන්ගේ දැලකට හසුවූ දැවැන්තයා

පුනරීන් ප්‍රදේශයේ ධීවරයන්ගේ දැළකට විශාල ප්‍රමාණයේ මුතු මෝරෙක් හසුවී තිබෙනවා.

ධීවරයන් සඳහන් කර ඇත්තේ කිලෝ 2000කට ආසන්න ප්‍රමාණයකින් යුතු මෙම මෝරා තම දැල්වල පැටලීමෙන් වෙරළට පැමිණ ඇති බවයි.

එම සත්වයා මියගොස් සිට ඇති අතර සිද්ධියට අදාළව ධීවරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගත් ඔවුන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් සඳහන් කළේ මුතු මෝරා වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති සත්වයෙක් බවයි.

Related recommendation
Hiru TV News | Programmes