General02 September 2019

මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ නර්තන ආචාර්ය පියසාර ශිල්පාධිපති අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු සිය නිවසේදි අද දහවල් අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවුණා.

මේ අතර මෙරට විශිෂ්ඨ බෙර වාදන ශිල්පියෙකු සහ නර්තන ආචාර්යවරයෙකු වන පියසාර ශිල්පාධිපති ද අද අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හෝකන්දර පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වනවිට 75 වන වියේ පසුවුණා. ඔහු කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සහ කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස ද සේවය කළා.

Related recommendation
Hiru TV News | Programmes