General19 September 2019

කළුවාමෝදර නිවසකින් අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක් සොයා ගැනේ

අලූත්ගම - කළුවාමෝදර උතුර ප්‍රදේශයේ නිවසක තිබී මෙරට ලියාපදිංචි කළ නොහැකි අධි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි දෙකක්, සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම යතුරුපැදි දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 11කට අධික බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ යතුරුපැදි විදෙස් රටකින් මෙරටට ගෙන්වා ඇත් ද, නැතිනම් මෙරට නිෂ්පාදනය කළේ ද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Related recommendation
Hiru TV News | Programmes