පිළිකා කාරක අඩංගු වියලි මිරිස් මෙටි්රක් ටොන් 200 කට ආසන්න ප්‍රමාණයක් රේගු කොන්දේසි උල්ලංඝනය කරමින් වෙළඳපොලට මුදාහැරීම සම්බන්ධයෙන් අදාළ ආනයනකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ආනයනකරුවන් 16 දෙනෙකු විසින් මෙම වියලි මිරිස් තොග මෙරටට ගෙන්වා ඇති බවයි. ඔවුන්ට එරෙහිව රේගු නඩුවක් පැවරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රේගු දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රකාශකයා කියා සිටියා.
පිලිකා කාරක අඩංගු මෙම වියලි මිරිස් තොගය මෙරටට ආනයනය කර ඇත්තේ ඉන්දියාවේ සිටයි.
මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය, ආහාර පරීක්ෂක විසින් සාම්පල් පරීක්ෂාවක් සිදුකර එහි නිර්දේශ ලබාදෙන තෙක් පෞද්ගලික ගබඩාවල රඳවා තබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව ආනයනකරුවන්ට අවසර ලබාදෙන්නේ දැඩි කොන්දේසි මතයි.
ආහාර පරීක්ෂකගේ නිර්දේශය ලැබෙන තෙක් එම ආහාර ද්‍රව්‍ය වෙළඳපොලට මුදාහැරීම තහනම් වනවා.
ආහාර පරීක්ෂක විසින් සිදුකළ සාම්පල පරීක්ෂාවේදී අදාළ වියලි මිරිස් තොගයේ කිලෝග්‍රෑමයක අඩංගු විය හැකි ඇෆ්ලටොක්සින් මට්ටම මිලිග්‍රෑම් 30 ඉක්මවා ඇති බව අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර වෘත්තිය හා සෞඛ්‍ය ආරක්ෂතා කාර්යාංශයේ ආහාර ස්වස්ථතාව භාර විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඇෆ්ලටොක්සින් යනු පිළිකා, අක්මාවේ සහ වකුගඩුවල රෝග රැසකට හේතුවන දිලීරයක් වන අතර, මෙරට 1980 අංක 26 දරණ ආහාර පනත අනුව ඇෆ්ලටොක්සින් මට්ටම කිලෝග්රෑමයකට මිලිග්‍රෑම් 30 ඉක්මවන ආහාර පරිභෝජනයට නුුසුදුසු බවට සඳහන් කර තිබෙනවා.
අදාළ වියලි මිරිස් සම්බන්ධයෙන් ආහාර පරීක්ෂකගේ නිර්දේශය රේගු දෙපාර්තමේන්තුවට ලබාදී ඇති අතර, ඒ අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙසටද දැනුම්දී ඇති බව පරිසර වෘත්තිය හා සෞඛ්‍ය ආරක්ෂතා කාර්යාංශයේ ආහාර ස්වස්ථතාව භාර විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් රේගු දෙපාර්තමේන්තුව කළ සොයාබැලීමකදී අනාවරණ වී ඇත්තේ මෙටි්රක් ටොන් 200 ක් පමණ වන අදාළ වියලි මිරිස් ගබඩාවල නොමැති බවටයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නියෝගයක් ලද වහාම වෙළඳපොල තුළ විශේෂ පරීක්ෂාවක් සිදුකිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය කියා සිටියේ.

Latest News
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026