General03 October 2019

කොළඹ කොටුවෙන් ධාවනය වන සියලූ දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුවෙන් දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ එක් දුම්රියක් සඳහා පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ දුම්රිය ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු බැගින් යෙදවීමට අද පස්වරුවේ සිට පියවර ගත් බවයි.

මේ අතර, අද පස්වරුවේත් දුම්රිය 19 ක් ධාවනය කළ බව දුම්රිය ගමනාගමන අධිකාරි වී.එස්. පොල්වත්තගේ සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes