General28 October 2019

20 වසරකට පසු චීටා සතුන් යුවලක් දෙහිවල සත්වෝද්‍යානයට

වසර 20කට පමණ පසු ශ්‍රී ලංකාවට චීටා සතුන් යුවළක් පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ සඳහන් කළේ ජපානයේ - ‘තමා’ සත්ත්වෝද්‍යානයෙන් එම සතුන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු බවයි. පසුගිය 22 වන දා මෙරටට රැගෙන ආ මෙම සතුන් මේ වන විට හම්බන්තොට - රිදීගම සෆාරි උද්‍යානයේ නිරෝධායනය කෙරෙන බවයි ඇය කියා සිටියේ.

වයස අවුරුදු 2ක් පමණ වන මෙම චීටා සතුන් යුවළ මාසයක නිරෝධායන කාලයකින් අනතුරුව මහජනයාට ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම සතුන් සඳහා හම්බන්තොට - රිදීගම සෆාරි උද්‍යානයේ අක්කර 12ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

චීටා සතුන් යුවළක් මීට වසර 20කට පමණ පෙර දෙහිවල ජාතික සත්ත්ව උද්‍යානයේ සිට ඇති අතර ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ මියගොස් තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes