General27 November 2019

පසුපෙළ මන්ත්‍රීවරුන් එජාප නායක රනිල් හමුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සහ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදීයි.

විපක්ෂ නාය ධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය ගැන මෙහිදී අවධානය යොමු කෙරන බවයි වාර්තාවන්නේ.

මෙම හමුවෙන් පසු ඉදිරි දින කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක් මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් ද පැවැත්වීමට නියමිතයි.

එළඹෙන 3 වනදා පාර්ලිමේන්තු සභාවාරයට පෙර පෙර විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව විසදා ගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි එක්සත් ජාතික පක්ෂත්‍ය් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කථානායකවරයාට ලිපියක් යොමුකර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකු කථානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර, උද්ගතව ඇති අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ, කරූ ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස යන පක්ෂ ප්‍රධානින් අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු වුයේ හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඊට සහභාගි නොවීම හේතුවෙන්.
Related recommendation
Hiru TV News | Programmes