General18 January 2020

ඕස්ට්‍රේලියාවේදී පික් - පොකට් ගැසූ, ශ්‍රී ලාංකිකයන් 5 ක් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ගැටකැපීම් ඇතුළු සොරකම් කිහිපයකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු  ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙල්බන් නුවර මගී ප්‍රවාහන සේවාවන්හිදී සහ සාප්පු සංකීර්ණවලදී මෙලෙස මොවුන් විසින් මුදල් පසුම්බි සොරකම් කර ඇති බවටයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් 7 දෙනා අතර, කාන්තාවක් ද සිටින බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති අතර යළි අප්‍රේල් 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා.

පසුගිය මාස දෙකක කාලය තුළදී මෙල්බර්න් ජනතාවගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම 8 දෙනා මෙල්බර්න් පොලීසියේ විශේෂ ඒකකයක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes