සාමය සහ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ගමනට ඉන්දියාව විශ්වාසදායි සහකරුවෙකු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.
ඒ ඉන්දියාවේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවට එක්වෙමින්.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව පළමු විදෙස් රාජ්‍ය සංචාරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඉන්දියාව බලා පිටත්ව ගියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් අනුවයි.
අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලූ දූත පිරිස වෙනුවෙන් ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හිදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණා.
ඉන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ් ඝාට් හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්රමුඛ දූත පිරිස අතර සාකච්ඡා ඉන්දීය අගමැති නිල නිවස වන හයිද්‍රාබාද් හවුස් හිදී ආරම්භ වූයේ ඉන් පසුවයි.
මෙම සාකච්ඡාවට පෙර දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර විශේෂ පෞද්ගලික සාකච්ඡාවක් ද පැවති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළා.
එම සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය, ආරක්ෂාව සහ සෞභාග්‍යය සම්බන්ධයෙන් ඉන්දියාව ද උනන්දුවෙන් පසුවන බවයි.
දෙමළ වැසියන් සම්බන්ධ කරුණේදී එම ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාමය මෙන්ම නිසි ගෞරවය ලබාදීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජය අවබෝධ කර ගනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදි එහිදී පෙන්වා දී තිබෙනවා.
ත්රස්තවාදයට එරෙහි සටනේදී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද තීරණය කළ බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අදාළ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් හමුවූ අතර, එහිදී සංචාරක කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්වීපාර්ශවික සාකච්ඡා සිදුකර තිබුණා.
ඉන්දීය රජය මැදිහත්ව මෙරට සිදුකරන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම, ඒවා කඩිනම් කිරීම සම්බන්ධයෙන් ද එහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් අතර ද අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වුණා.
අගමැති මහින්ද රාජපක්ෂ සිය සිව්දින ඉන්දීය රාජ්‍ය සංචාරයේ දෙවැනි දිනය වන හෙට දිනයේදී සාරානාත් විහාරය, ඉසිපතනයේ මිගදාය ඇතුළු ආගමික සිද්ධස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමටද සැලසුම් කර තිබෙනවා.

Latest News
කරන්නාගොඩට සහ යෝෂිතට අධි චෝදනා භාරදෙයි
Local
20 August 2026
දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
20 August 2026
ශිරාන් බාසික්ගේ සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට නියෝග
Local
20 August 2026
මහජන පරීක්ෂකවරු ඩෙංගු රාජකාරිවලින් ඉවත් වෙයි: හෙට සංකේත වර්ජනයක්
Local
20 August 2026
අමෙරිකාවේ ණය බර ඩොලර් ට්‍රිලියන 40 ඉක්මවයි
Local
20 August 2026
කොළඹ - කොටුව සංචාරක ගමනාන්තයක් කිරීමට සැලසුම්
Local
20 August 2026
ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආර්ථික ක්‍රියාමාර්ගයක් ගන්නා බව ට්‍රම්ප් කියයි
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පාර්ලිමේන්තුවට
Local
20 August 2026
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති භූතාන මහාධිකරණය අමතයි
Local
20 August 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු ප්‍රදේශ රැසකට අදත් වැසි
Local
20 August 2026