International10 March 2020

චීනයේ නිරෝධායන හෝටලය කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට

නැගෙනහිර චීනයේ කුවන්ෂු නගරයේ පිහිටි සය මහල් ෂින්ජියා හෝටල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි සිටි පුද්ගලයන් 41 දෙනෙකු බේරා ගනු ලැබූ අතර, තවත් 10 දෙනෙකු සුන්බුන් අතර සිර වී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම හෝටල් ගොඩනැගිල්ල කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයන් රදවා තැබීමට භාවිත කරනු ලැබූවක්.

Related recommendation
Hiru TV News | Programmes