General13 March 2020

තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් තුන්දෙනෙකු හමුවෙයි (වීඩියෝ)

කොරෝනා වෛරස් ආසාධිත තවත් රෝගීන් තුන් දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ පවසනවා.

එක් අයෙකු අවුරුදු 41ක් වන පුද්ගලයෙක් වන අතර ඔහු මෑතකදී ජර්මනියේ සංචාරය කර පැමිණි අයෙක්.

ඔහු දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් පුද්ගලයා අවුරුදු 37ක අයෙක්.

ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යැවූ පිරිසෙන් අයෙක් බව සඳහන්.

ඔහු දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අනෙක් රෝගියා අවුරුදු 43ක අයෙක් වන අතර ඔහු ද ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය  වෙත යැවූ අයෙක්.

ඔහු ද දැනට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අනුව මේවන විට කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 5ක් වනවා.



Related recommendation
Hiru TV News | Programmes