General15 March 2020

මුස්ලිම් පල්ලිවල ජුම්මා මෙහෙයන් තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලීමක්

මුස්ලිම් පල්ලි තුළ සිදුකෙරෙන ජුම්මා යාඥා මෙහෙයන් සහ දිනකට 5 වතාවක් සිදුකරන යාඥාවන් තාවකාලිකව නතර කරන ලෙස සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම, මහජනයා එක් රැස්වන සියලුම ආකාරයේ රැස්වීම්, නතර කරන ලෙසයි එමගින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙවැනි පියවරක් කතෝලික සභාව විසින් ද ඊයේ නිවේදනය කළා.
Related recommendation
Hiru TV News | Programmes