කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා මේ වනවිට දිවයින පුරා මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.
පොම්පෙමඩු, පූනානි, කන්දකාඩු, පනිච්චන්කර්නි, මයියන්කුලම් හි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, බොරවැව, ගල්කන්ද, කහගොල්ල, දියතලාව යුද හමුදා රෝහල සහ දියතලාව ගැමුණු හේවා බලකා කඳවුරේ එම නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.
එමෙන්ම සියලු පහසුකම්වලින් යුත් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් දම්මින්න සහ රන්ටැඹේ ප්රදේශවලද ස්ථාපිත කර තිබෙනවා.
එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 8 දෙනෙකුද එහි සිටින බවයි යුද හමුදාව සඳහන් කළේ.
මේ අතර ඇමරිකාවේ පුද්ගලයන් 50 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන සියලු රැස්වීම් ඇතුලු අවස්ථා ඉදිරි සති 8 ක කාලය තුළ අවලංගු කිරීමට රජය උපදෙස් ලබාදී තිබෙනවා.
ඇමරිකාවේ නව කොරෝනා මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ යාමත් සමඟයි ඇමරිකානු රජය එම උපදෙස් ලබාදී ඇත්තේ.
කොරෝනා වෛරසයේ බලපෑම මේ වනවිට සතුන්ටද එල්ලවී ඇති අතර, තායිලන්තයට පැමිණෙන විදේශිකයන් ලබාදෙන ආහාර මත යැපුණු වඳුරන් සිය ගණනක් කුසගින්නේ පෙළීම හේතුවෙන් මාර්ගයේ ආහාර සොයමින් ගමන් කරන අයුරු මෙන්ම ආහාරවලට පොරකන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරනවා.

Latest News
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්: අයෙකු මියගොස් සිව්දෙනෙකුට තුවාල
Local
13 September 2026
අමාත්‍ය විජිත හේරත් තායිලන්තයේ නිල සංචාරයකට
Local
13 September 2026
ජනපති ප්‍රධානත්වයෙන් ජන රැලි දෙකක් අද අනුරාධපුරයේදී
Local
13 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
13 September 2026
මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල
Local
13 September 2026
අනුරාධපුර අනතුරකින් අයෙක් රෝහලේ
Local
13 September 2026
බාගෙට වළ දැමූ මළ සිරුරක් දිවුලපිටියෙන් හමුවෙයි
Local
13 September 2026
ජාවා මුහුදේ මගී නෞකාවක් සමග මගීන් 140ක් අතුරුදහන්
Local
13 September 2026
එල්නිනෝ බලපෑමෙන් ඇල්ලේගල දිය ඇල්ලත් වේලෙයි
Local
13 September 2026
නැදිමාලේ වෙඩි තැබීමට උත්සාහ කළ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
Local
13 September 2026