කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 76 දක්වා ඉහළට

Saturday, 21 March 2020 - 16:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+76+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

මෙම රෝගීන් හතරදෙනා අනුරාධපුර රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ යනවා.

මේ අතර කොරෝනා වෛරසය මර්දනය වෙනුවෙන් කෙරෙන විෂබීජහරණයට යොදා ගන්නා දියර ඉසීමේ යන්ත්‍ර 4000ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් පළාත් සෞඛ්‍ය කොමසාරිස්වරු වෙත ලබාදී තිබෙනවා.

බත්තරමුල්ලේ පිහිටි එම අධිකාරියේදී ලබාදුන් මෙම යන්ත්‍ර රෝහල්, පොලිසි, බන්ධනාගාර, ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාල හා දුම්රිය ස්ථානවලට බෙදාදීමට කටයුතු කෙරෙන බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories