General22 March 2020

උතුරේ ඇදිරි නීතිය දීර්ඝ කෙරේ (වීඩියෝ)

මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම දිස්ත්‍රික්කවලට එදින උදෑසන 6ට ඉවත් කෙරෙන ඇදිරි නීතිය පස්වරු 2ට යළි පනවන බවයි.

මෙම දිස්ත්‍රික්ක පහේ වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම තහනම් කර තිබෙනවා. පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛසරසය ආසාදිත දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියළු දෙනා හඳුනා ගන්නා තෙක් මෙම ගමන් තහනම ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

මෙම දිස්ත්‍රික්කවල ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර, ඊට පූර්ණ සහයෝගය දක්වන්නැයි රජය එම දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.




Related recommendation
Hiru TV News | Programmes