General22 March 2020

උතුරට ගිය, ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට කෙරෝනා බවට තහවුරු වෙයි

යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය ආසාදිතයෙකු බවට අද හඳුනාගෙන තිබෙනවා.

40 හැවිරිදි එම පුද්ගලයා කොරෝනා ආසාදිත ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර කොවිඩ් -19  හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අද දිනයේ රෝහල් ගත කර සිටි තිදෙනෙකුට එම වෛරසය වැලදී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes