හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මුහුණු පොතට මුදා හැර ඇති වීඩියෝවකින් කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන බව මහාචාර්ය ඡන්න ජයසුමන සිය මුහුණු පොත හරහා ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.
එමඟින් කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිළිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජ ගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස තමන් කාරුණිකව ඉල්ලා සිටින බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා එම විඩියෝවෙන් යෝජනා කරන බවත්, ඔහු සඳහන් කරනවා.
හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමය බවත්, ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමය බවත් මහාචාර්ය ජයසුමන අවධාරණය කර තිබෙනවා.
පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරින් එය තේරුම් ගත හැකි බවත් , ඒ නිසා මෙය මුළු මනින් සාවද්‍ය ප්‍රකාශයක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා.
සම්පුර්ණ ලිපිය පහතින්...
ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට විද්‍යුත් තැපෑල ඔස්සේ ය.
2020.03.22
ගරු මැතිතුමනි,
ඔබතුමන්ගේ මුහුණු පොතේ මීට පැය කිහිපයකට පෙර ඔබතුමන්ගේම හඬින් මුදා හැර ඇති වීඩියෝවක් නිසා කොරෝනා රෝගයට ලබා දෙන ඖෂධ පිලිබඳ බරපතල වැරදි පණිවිඩයක් සමාජගතවන හෙයින් එය වහාම නිවැරදි කරන ලෙස ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු ලෙස ඔබතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
01. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් ඖෂධය කිසිසේත් මහජනතාවට හිතුමතේ භාවිතයට අනුබල නොදිය යුතුය. රෝග ලක්ෂණ ඇති අයකු වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙම ඖෂධය භාවිතා කළහොත් රෝගය නිසි පරිදි හඳුනා ගත නොහැකිව බරපතල ප්‍රශනයක් පැන නැගී. තවද මෙම ඖෂධයේ අතුරු ආබාධ රැසකි.
02. ප්ලැකනිල් (Plaquenil) යනු හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වලට වඩා උසස් ගණයේ ඖෂධයක් බවත් එය ලබා දිය යුතු බවත් ඔබතුමා යෝජනා කරයි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් යනු අදාල ඖෂධ නාමයයි. ප්ලැකනිල් යනු එම ඖෂධය නිෂ්පාදනය කරන සමාගමක් ලබා දී ඇති වෙළද නාමයයි. පැරසිටමෝල් ඖෂධය සඳහා පැනඩෝල් වෙළද නාමය ලබා දී ඇති අයුරිනි. එහෙයින් මෙය මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි.
03. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් අතුරු ආබාධයක්/ අගතියක් සිදු වූවහොත් ඇසිත්‍රෝමයිසින් (azithromycin) ලබා දිය හැකි බව ඔබතුමා පවසයි. එයද මුළුමුනින් සාවද්‍ය ප්‍රකාශයකි. ඇසිත්‍රෝමයිසින් යනු ප්‍රතිජීවක ඖෂධයකි. හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන් හෝ ප්ලැකනිල්වලින් නියුමෝනියා තත්වයක් ඇති නොවන අතර ඇසිත්‍රෝමයිසින් මෙකී රෝගීන්ට ලබා දීමට බලාපොරොත්තු වන්නේ හයිඩ්‍රෝක්සික්ලොරෝකුවීන්වල අතුරු ආබාධයකින් වැලකීමට නොවේ.
දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරයකු , ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු, විපක්ෂනායකවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු ලෙසද කටයුතු කළ ඔබතුමන්ගේ මෙම ප්‍රකාශය නිසා ජනතාව නොමග යා හැකි හෙයින් එය අප්‍රමාදීයව නිවරද කරන මෙන් නැවතත් ඉල්ලා සිටිමි.
මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන
MBBS,PhD, FRCP Edin
ඖෂධවිද්‍යාව පිළිබඳ මහාචාර්ය

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට
Local
28 July 2026
යුරෝපා සංගමයෙන් චීනයට සහ රුසියාවට දොස්
Local
28 July 2026
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලැව් ගිනි දරුණු අතට: උණුසුම සෙල්සියස් අංශක 40 පනී
Local
28 July 2026
සලේගේ පෙත්සම අද යළි කැඳවයි
Local
28 July 2026
ජනපති ක්‍රිකට් පරිවර්තන කමිටුව හමුවෙයි
Local
28 July 2026
පාතාල තර්ජන මඩින්න දෙවුන්දර පෙරහරට දැඩි ආරක්ෂාවක්
Local
28 July 2026
අද සිට කාලගුණයේ වෙනසක්
Local
28 July 2026
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026