General23 March 2020

ලොව කාර්ය බහුලම ගුවන් තොටුපලක් තාවකාලිකව වැසෙයි

ලොව කාර්ය බහුලම ගුවන් තොටුපළක් ලෙස සැලකෙන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අනිද්දා සිට ගුවන් ගමන් සඳහා තාවකාලිකව වසා දැමෙනවා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සියළුම මගී සහ හුවමාරු ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන්.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීම සඳහා ඔවුන් එම පියවර ගෙන තිබෙනවා.  

Related recommendation
Hiru TV News | Programmes